පළමුව සිසුන් පිරිස A හා B ලෙස කණ්ඩායම් කරගන්නා ලද්දේ සිසුන්ට ‍පෙරහුරු පරීක්ෂණයක් තබා වැඩිම ලකුණු ගන්නා
සිසුන් 12 දෙනා පිල් දෙකකට ගෙනය.
පිළ් දෙක තේරීම සඳහා යොදා ගත් ප්‍රශ්න පත්‍රය.


පරිවේණාධිපති හිමි,ස.පරිවේණාධිපති හිමි සමග අනෙකුත් ගුරුවරුන් සහය වෙමින්. ඉංග්‍රීසි ගුරුහිමියන් ප්‍රශ්න ගොඩවල් දෙකකට වෙන් කරමින්.
A පිළට ලබාදුන් ප්‍රශ්න පත්‍රය
B පිළට ලබාදුන් ප්‍රශ්න පත්‍රය

තරඟය පැවැත්වෙන ආකාරය විස්තර කරමින්. ගණිත ගුරුවරයා දිනයේ අරමුණ පැහැදිලි කර ඒම දිනයේ වැඩසටහන පැවැත්වෙන ආකාරයද විස්තර කළේය.
එමෙන්ම ගණිත විෂයය ඇසු‍රෙන් සිසු හිමවරුන්ගේ තර්කන හැකියා දියුණු කර අදට වඩා හෙට දිනයේ එම හැකියාව වර්ධනය වන ආකාරය පැහැදිලි කළේය.

page-4

මෙ වර ජූලි 9 වන බදාදා ගණිත දිනය ලෙස යොදා ගෙන තිබුනත් නොවැළැක්විය හේතු කාරණා නිසා ඒය ජූලි 14 වනදාට යොදා ගත්තෙමු.

ගණිත දැනුම මිනු තරඟය අරඹමින්.පසෙකින් ලලිත් ගුරුතුමා තරඟ විනිශ්චය සඳහා සූදානම්ව.

සිසුහිමියන්ට ගැටලුවක් ලබා දෙමින්.

ගැටලුවකට මැදිවී.

විවේක කාලයෙන් පසුව තරඟය පැවැත්වූ බැවින් කාලවේලාව මඳ විය. එ‍ෙහෙයින් තරඟයට යොදා ගත් ප්‍රශ්න සීමා කරන්නට සිදුවිය.

අදහසකට සවන් දෙමින්

තර්කන බුද්ධිය ඇතිකිරීම මෙම වැඩසටයනේ අරමුණ වූ බවත්, ඒය ගණිත විෂයට පමණත් සීමා නොවන බවත් පවසමින්, සහය දුන් ආචාර්ය මණ්ඩලයට මෙන්ම සිසුන්ටද ගුරු වරයා සිය ස්තුතිය පුද කළේය.
ලකුණු ප්‍රකාශයට පත්කරමින්.
ප්‍රතිඵල ලේඛනය
ඒ් අනුව A පිළ ලකුණු 5කින් ඉදිරියට ගොස් ඇති බැවින්, A පිළ ජයග්‍රහණය කරන බැව් දැනුම් දුනි.

පළමුව B පිළට තෑගි ලබා දෙන ලද්දේ ආරාධිත අමුත්තා වන හිටපු සංවර්ධන නිළධාරී (දැන් ඔහුද ගුරුවරයෙකි) සුරාජ් මහතා විසිනි.

ජයග්‍රාහී A පිළ සිය තිළිණය ගුරුවරයා අතින් ලබා ගන්නා අවස්ථාව.
ගණිත දිනයට පැමිනීම සඳහා දෙනු ලබන තෑගි ලබා ගනිමින්.

කෙටියෙන් හෝ තවත් ගණිත දිනයක් විවිධ බාධක මැද නිම කිරීමට හැකිවීම ගැන සතුටු විය හැක.
ඉදිරියේ පැවැත්වීමට නියමිත මධ්‍යවාර පරික්ෂණය අභිමුව මේ සඳහා අවසර දුන් අප පරිවේණාධිපති නාහිමියන්ටද,
තම විෂය පථය අතැර මෙම දිනය සැමරීමට සහය දුන් ගුරු භවතුන් ද,ලකුණු දැමීමෙන් සහය දුන් ලලිත් ගුරුතුමන්ට ද ,මාගේ ඉල්ලීම මැද දුර සිට පැමිණ උදව් දුන් අපගේ පැරණි සගයා වන සුරාජ් රුශෙප්‍රි ගුරුතුමන්ට ද මාගේ ගෞරව පූර්වක ස්තුතිය.